රට පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදන්න බ්‍රිතාන්‍ය සහාය
2025 August 14- Page Views : 32 කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’ Mahony මහත්මිය අතර හමුවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සහ රැකියා ස්ථාන ආවරණය වන පරිදි ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාව රජය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරිය කීවාය.
ඒ සඳහා රජය මගින් පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කරමින් සිටින්නේ යැයිද අමාත්‍යවරිය සදහන් කළාය.
බ්‍රිතාන්‍ය, කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ළමා රැකවරණය අගය කරන රාජ්‍යක් ලෙස එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට අවශ්‍ය පර්යේෂණ සහ විශය දැනුම සම්පාදනය සඳහා සම්පත්‍දායකත්වය ලබා දීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා තම කැමැත්ත පළ කළේය.