මව් කිරි දීමේ මාසයක් නම් කරයි
2025 August 14- Page Views : 30 ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතියට සමාගාමීව මෙම මාසය ප්‍රකාශයට පත්කරීමට පියවර ගැණුනි. මව්කිරි දීමේ වැදගත්කම, එම මාසය තුළ සිදුකරන ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කර ගැනීම, පසුගිය වර්ෂයේ සිදුකල කාර්යන් පිළිබඳව කතිකා කිරීම, මව්කිරි දීම පිළිබඳව දස පිළිවෙතට අදාළව තම කාර්ය සාර්ථකව ඉටුකළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම, මෙන් ම තවත් වැඩසටහන් රාශියක් ඇතුළත් ව මෙම ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පැවැත්විණි.
මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මව්කිරි දීම ළදරුවාගේ මෙන් ම මවගේ ද සෞඛ්‍යට ඉතා වැදගත්වන වන බවත්, දරුවා සහ මව අතර ආත්මීය බැදීම තව තවත් ශක්තිමත් කිරීමටත් මව්කිරි දීම බෙහෙවින් ඉවහල්වන බව අවධාරණය කර සිටියේ ය.
එමෙන්ම මව්කිරි මගින් ළදරුවන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිදේහ ලැබෙන අතර එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වී කෙටිකාලීන සහ දිගු කාලීන විවිධ රෝග පිළිබද අවධානම අඩුවන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.