WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බිමල් චීනයේ වගා බලන්න යයි

2025 October 20- Page Views : 2

චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සි⁣ටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයකට සඳහා සහභාගී විය.

ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගම එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර 3.6 ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යන අතර එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශිතව ගෘහ ඒකක 10907 ක් පවතී.

 42675 ක පමණ ජනතාවක් එයින් ප්‍රතිලාභ ලබමින් ජීවත් වෙති.

" ඩ්‍රැගන් ෆෘට් " වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ෂික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල අගයක පවතින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.