ඉන්දීය ආධාර රැගත් තවත් යානයක් එයි
2025 December 04- Page Views : 3
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 ගුවන් යානය මෙරටට ළගා විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම සහනාධාර නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත බාර දෙනු ලැබූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) හිටපු අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) දැනට විශ්‍රාම ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් සේවයේ නිරත සුනිල් ජයවීර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) ඉන්දික පුෂ්පකුමාර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා මහත්ම මහත්මීහු ආධාර බාර ගත්හ. පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත් විය.