WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

 තිස්සමහාරාම පිහි ඇනුමකින් අයෙක් මරුට

2025 December 04- Page Views : 2

 තිස්සමහාරාම ,පුංචි අකුරුගොඩ සංචාරක අවන් හළක් තුළ අද (04) අලුයම සිදුවූ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පැවසීය . තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු එක්ව මෙම සංචාරක අවන්හල තුලදී මත්පැන් පානය කර ඇති අතර ඉන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු එක් අයෙකු අනෙකාට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කීවේය . මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්සමහාරාම, පුංචි අකුරුගොඩ පදිංචි සංචාරක සෆාරි  ජීප් රථයක රියදුරෙකුවූ රවීන්ද්‍ර චතුමාල් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.  ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර තිබේ