නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින්
2026 March 08- Page Views : 12
දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුධින ධිවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 102කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. එමෙන්ම එහි තුළ තිබී කොකේන් ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැනීමට නාවික හමුදාව ඇතුළු විමර්ෂණ කණ්ඩායම සමත්ව ඇත. -------------------------------- ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී හමුවූ බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාව පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම පැකට් හෙරොයින් බවට අනාවරණය වූ බවය. බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් දික්ඕවිට වරායට රැගෙන ආ අතර එහිදී සිදුකළ පරීක්ෂණයේදී මෙම මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇත. අදාළ මත්ද්‍රව්‍ය පැකට් මේ වන විට කිරුම් කටයුතු සිදුකරමින් පවතින බවද නාවික හමුදාව සඳහන් කළේය.