හංවැල්ල-කොටුව බස් වර්ජනයක්
2026 March 09- Page Views : 11
ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන සියලු පෞද්ගලික බස් රථ අද (09) උදෑසන සිට ගමනාගමන කටයුතු වලිත් ඉවත් කර විරෝධතාවයක නියැලෙන බව එම බස් රථවල සේවකයෝ පවසති. කඩුවෙල සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන බස් රථයක සිටින සේවකයෙකු විසින් ඔහු ධාවනය කරන බස් රථයට ඉස්සර කළහොත් පහරදීම කාලයක සිට සිදුවන බැවින් තව දුරටත් මෙලෙස පහර කෑමට නොහැකි බැවින් මෙලෙස වර්ජනයක් ආරම්භ කළ බවද ඔවූහු පවසති. තවද කඩුවෙල නගරයෙහි තිබූ බස් නැවතුමක් ඉවත් කිරීමට කඩුවෙල පොලිසියේ රථ වාහන අංශය මගින් කටයුතු කිරීමත් දුර ගමන් සේවා බස් රථ මගින් මගදී මගීන් නංවා ගැනීම නිසාවෙන් විශාල ලෙස ආදායම් අඩුවී ඇති බැවින් එම ඉල්ලීම් තුන මුල්කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවද එම සේවකයින් පවසති. කඩුවෙල සිට කොළඹ දක්වා බස් ධාවයේදී තමන්ට මරණ තර්ජන පහරදීම් කාලයක සිට සිදුවන නමුත් ඒ සදහා නීතියේ පිහිට පැතුවද මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔවූහු පවසති.