ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
2026 April 22- Page Views : 4
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වෙයි.
සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බවය.
ඒ අනුව, "ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට" තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.