WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යතුරුපැදියක් ලොරි රථයක ගැටෙයි – දෙදෙනෙකු ජීවිතක්ෂයට

2026 April 22- Page Views : 7

කෝපායි පොලිස් වසමේ යාපනය පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දියේදී ලොරි රථයක ගැටී යතුරුපැදිකරුවෙකු හා පසු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (22) අළුයම පලාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 23 හා 64 වයස්වල පසුවන එලාලේයි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුර සිදුකළ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.