ශ්‍රී ලාංකික සංගීත කලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වූ 'සින්ග්ලංකා' සමාගමේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ආනන්ද ගනේගොඩ යනු මෙරට සුභාවිත ගීතය පුනර්ජීවනයට සහ සංවර්ධනයට විශාල මෙහෙවරක් කළ ප්‍රවීණ කලාකරුවෙකු වේ.
මෙරට සංගීත ශිල්පීන් සහ නිර්මාණකරුවන් සමඟ සමීපව කටයුතු කළ ඒ මහතා, ඔවුන්ගේ ගීත නිර්මාණකරණයේ ස්වාධීනත්වය, ගුණාත්මකභාවය සහ ආර්ථික සුබසාධනය සඳහා 'සින්ග්ලංකා' කැසට් නිෂ්පාදන ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේය.
1980 වසරේදී නන්දා මාලනී, ඩබ්ලිව් ඩී අමරදේව ඇතුලු ප්‍රධාන පෙළේ ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් කැසට් පට 25ක් එකවර ජනගත කරමින් ඔහු මෙරට කැසට් කලාවට මුල පිරුවේය.
ඒ හරහා ඔහු මෙරට ගීත කලාවට දායාද කර ඇති ගීත සංඛ්‍යාව, 2000 ඉක්මවයි.
කෙසේවෙතත් ගුවන්විදුලියට පසුව මෙරට රසික රසඥතාවට ගෞරව කරමින් උසස් නිර්මාණ ජනගත කළ ගීත නිෂ්පාදන ආයතනය ලෙස 'සින්ග්ලංකා' ආයතනය ක්ෂේත්‍රයේ ඇගයීමට ලක්විය.
එමෙන්ම ආනන්ද ගනේගොඩ මහතා මෙරට ප්‍රමුඛපෙළේ ව්‍යාපාර ජාලයක සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ඔහුගේ දේහය දැනට අංක 179/2, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු සිදුවන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
මෙරට සුභාවිත ගීත ක්ෂේත්රයට විශාල මෙහෙවරක් කළ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.