සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ, සරණගේ දඬුවම් ලිහිල්කර ගැනීමට මහාධිකරණ විනිසුරුවරයාට බලපෑම් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ පවතින සිද්ධිය සම්බන්ධයෙනි.