අධික වර්ෂාවත් සමඟ දෙල්තොට ප්‍රදේශයේ පාලමක් කඩා වැටීම හේතුවෙන් ගලහ - දෙල්තොට මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිත කරන මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දීමක් කර ඇත.
පේරාදෙණිය - දෙල්තොට (B364) මාර්ගයේ ගල්ඔය කණුව බෝක්කුවේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර එම පාලමේ දකුණු ඉවුර කොටස මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය පොලිසිය විසින් මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් අංශ දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.
පාලමක් කඩා වැටීමෙන් ගලහ - දෙල්තොට මාර්ගයේ ගමනාගමනය නවතී
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.