බොරලැස්ගමුව පුද්ගල ඝාතනයේ පැදිකරු අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ නිවසක පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් මස 4 වැනිදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවසේ රැඳී සිටි 74 හැදි පුද්ගලයෙකුට පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලාගොස් තිබිණි.
මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කළ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්, ඊයේ සවස මාකුඹුර නිදහස් මාවතට හැරෙන හන්දිය අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ සැකකරු 29 හැවිරිදි ගොඩගම, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අදාළ ඝාතනය සිදුකළ යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියාකර ඇති බව ලීසිය පැවසීය.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වනවිට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.