කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවැල්ලාව ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (12) උදෑසන වන විට මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 ඉක්මවා ගොස් ඇති බවය. ඒ අනුව, කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.