ශ්‍රී ලංකාවේ දිනකට කසළ ටොන් 9,000කට ආසන්න ප්‍රමාණයක් ජනනය වුව ද ඉන් එකතු කරනු ලබන්නේ අඩක් පමණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය දා අනාවරණය කළේය.
ඒ අනුව දිනකට ජනනය වන කසළවලින් ටොන් 4,500කට ආසන්න ප්‍රමාණයක් විධිමත් කසළ එකතු කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් නොවන බව එම දත්ත අනුව පෙනී යයි. එසේම ශ්‍රී ලංකාවේ වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 2,50,000කට වැඩි ප්‍රමාණයක් ජනනය වන බව ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී ඇත.
බැහැර කෙරෙන කසළවලින් සියයට 63ක් පමණ විවෘත ස්ථානවලට බැහැර කෙරෙන බවත් බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් බොහොමයක් නිසි ප්‍රතිචක්‍රීකරණයකට ලක් නොවන අයුරින් අවිධිමත්ව පරිසරයට මුදා හැරෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කළේය.
දිනකට කසල ටොන් 9000ක්, එකතු කරන්නේ අඩක් පමණයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (1)