නොවැම්බර් පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් (midterm election) රියාපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ බලය රඳවා ගත්තොත්, සෑම අමෙරිකානු වැඩිහිටියෙකුටම අමෙරිකානු ඩොලර් 5,000ක මුදලක් ගෙවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඡන්දදායකයින් තම පක්ෂය වෙත දිනා ගැනීම සඳහා ගත් දැවැන්ත උත්සාහයක් ලෙස මෙය සැලකේ.
ට්‍රම්ප් මෙම යෝජනාව ඉදිරිපත් කළේ ටෙක්සාස්හි ඩලස් නගරයේ පැවති රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රථම මධ්‍යකාලීන සම්මේලනයේදීය.
කෙසේ වෙතත්, මෙම මුදල් ගෙවීම් කටයුතු සිදුවන ආකාරය හෝ එය නීත්‍යානුකූල වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි කිරීමක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකානු වැඩිහිටියන් මිලියන 270ක් පමණ සිටින බැවින්, මෙම යෝජනාව සඳහා දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.35ක පමණ මුදලක් වැය වනු ඇත.
ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම උප්පරවැට්ටිය
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.