විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බන්ධනාගාර තුළ  රඳවා තැබීම සඳහා වෙනම සිරමැදිරි ස්ථාපිත කළ යුතු යැයි  තිබ්බටුවා⁣වේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක  හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්‍යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා හමුවේ පැවැසීය

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්‍යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා ඇතුලු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරින් පිරිසක් මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ ඒ බව පැවැසීය.  

එහිදී, වැඩි දුරටත් බන්ධනාගාර ප්‍රධානීන් හමුමේ අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියෝ ,නව බන්ධනාගාර ආරම්භ කිරීම නොව කළ යුත්තේ ,පුද්ගලයන් විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගතවීම වළක්වාලීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි.

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර ගතවූවාම  වෙනම ස්ථානයක රඳවා තබන යෝජනාවක් මීට කලින් පැවති රජයවල් යටතේ පැවතියා, එම යෝජනාව ඉතා සුදුසුයි ,එය ක්‍රියාත්මක කරනවා නම් යෝග්‍යයි,

මහනුවර නගරය මැද තිබුණු බෝගම්බර බන්ධනාගාරය වෙනත් වැඩකට යොදවා ගනිවී කියල අපි හිතුවා ඒත් ඒක යළිත් සිරකරුවන් රඳවා තබන ස්ථානයක් බවට පත් කරල.

එය සුදුසු නැහැ,මේ ගොඩනැගිල්ල කිසියම් ප්‍රයෝජනවත් කටයුත්තකට යොදවා ගත යුතු බවටයි මම යෝජනා කරනවා.  මෙම පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් සිරකරුවන් ඉවත් කර ,දේශීය අත්කම් භාණ්ඩ ප්‍රදර්ශණ මධ්‍යස්ථානයක් සඳහා යොදවා ගත්තා නම් වඩාත් හොඳයි,.

මල්වතු මහා නාහිමියන් හමුවේ කරුණු පැහැදිලි කළ ,බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්‍යක්ෂක) සේනක පල්ලේතැන්න මහතා

, මහනුවර නගරයේ බෝගම්බර බන්ධනාගාරය තාවකාලිකවයි රැඳවියන් රඳවා තැබීමට යොදවා ගත්තේ, බන්ධනාගාර වල රැඳවියන්ගේ තදබදය අඩුකිරීම සඳහා එය යළි යොදවා ගත්තත් ,එය වෙනස් කිරීමට පියවර ගන්නවා , දැනට රැඳවියන් 130 ක් පමණයි මෙහි රඳවා ඉන්නේ.

පුද්ගලයන් විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගතවීම වැඩිවීමෙන් බන්ධනාගාර වල තදබදය වැඩි වෙනවා ,ඒ සඳහා තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා,

මත් ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බන්ධනාගාර වල වැඩි සංඛ්‍යාවක් සිටිනවා ,මේ අය සම්බන්ධව අවදානය යොමු කර ,බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස,වැරදි කරුවන් ඔවුන්ගේ නිවාස වලම රඳවා තැබීමේ (house prison) වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.

අලුතෙන් බන්ධනාගාර ඉදිකිරීමක් සිදු කරන්නේ නැහැ ,ඒත් වෙනත් බන්ධනාගාර වල පහසුකම් වැඩි දියුණු කරල ,තදබදය වැඩි බන්ධනාගාර වල රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට යොමු කිරීමට පියවර ගන්නවා ,