Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස නවීනතම නම්‍යශීලී (Foldable) තිරයක් සහිත 'iPhone Duo' ස්මාර්ට් ජංගම දුරකථනය නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
මෙය වසා ඇති විට සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙන් දිස්වන අතර, විවෘත කළ විට අයිපෑඩ් මිනි (iPad mini) ටැබ් එකක ස්වරූපය ගන්නා අතිවිශේෂ නිර්මාණයකි.
මෙය ඉදිරි තාක්ෂණික ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, Apple සමාගම විසින් iPhone 18 Pro, New AirPods Pro සහ New Apple Watch මාදිලි ද මෙහිදී එළිදක්වා ඇත.
iPhone Duo හි විශේෂාංග
තිරයේ ප්‍රමාණය - විවෘත කළ විට දිස්වන ප්‍රධාන තිරය අඟල් 7.6ක් වන අතර, වසා ඇති විට බාහිරින් පෙනෙන තිරය අඟල් 5.4කි. මෙම OLED තිරය ඉතා පැහැදිලි දර්ශන අත්දැකීමක් ලබා දෙයි.
ප්‍රොසෙසරය සහ ක්‍රියාකාරීත්වය - iPhone 18 Pro මාලාවේ ඇති අධිවේගී A20 Pro ප්‍රොසෙසරයම මෙයටද ඇතුළත් කර ඇත.
කැමරා පද්ධතිය - සෙල්ෆි සහ FaceTime සඳහා ඉදිරිපස කැමරාවක් ද, ප්‍රධාන කාචයක් සහ 2x ටෙලිෆොටෝ කාචයක් ඇතුළත් මෙගාපික්සල් 48ක ඩබල් පසුපස කැමරා පද්ධතියක් ද මෙහි අන්තර්ගත වේ.
ආරක්ෂාව සහ බැටරිය - ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පවර් / ලොක් (Power/lock) බොත්තම මත Touch ID පහසුකම ලබා දී ඇත. බාහිර තිරය භාවිත කරමින් පැය 44ක බැටරි ආයු කාලයක් සහ තිර දෙකම භාවිත කරමින් පැය 24ක බැටරි ආයු කාලයක් ලබාගත හැක.
ධාරිතාව සහ වර්ණ - GB 256, GB 512, TB 1 සහ TB 2 යන ධාරිතාවන්ගෙන් යුක්තව, Silver සහ Black වර්ණවලින් මෙය ලබාගත හැකිය.
මිල ගණන් සහ වෙළඳපොළට නිකුත් වන දිනය
iPhone 18 Pro මෙන් දෙගුණයක පමණ මිලකට නිකුත් කර ඇති මෙහි මූලික මිල ගණන් පහත පරිදි වේ.
GB 256ක් සහිත - අමෙරිකානු ඩොලර් 1,999 සිට
GB 512ක් සහිත - අමෙරිකානු ඩොලර් 2,199
TB 2ක් සහිත - අමෙරිකානු ඩොලර් 3,199 දක්වා ඉහළට
මෙම නවතම 'iPhone Duo' දුරකථනය ඔක්තෝබර් 16 දින සිට පෙර ඇණවුම් සඳහා විවෘත වන අතර, ඔක්තෝබර් 24 දින සිට වෙළෙඳසැල් වෙත නිකුත් කිරීමට නියමිතය.
Apple ප්‍රථම වතාවට ගෙන ආ නම්‍යශීලී දුරකථනය
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ඩිනුක තිසර ගුණසේකර
තාක්ෂණික හා නව නිපැයුම් කර්තෘ
ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබඳ ලියන්නෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.