අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 1,391,830ක් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලබන බව ඇති බව නිවේදනයක් නිකුත් කර සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

එලෙස සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ පනතේ 11 වන වගන්තිය අනුව මෙලෙස අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

ඒ සඳහා 2026 ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය ලබාදී ඇත.

එමෙන්ම තමන් තෝරාගෙන ඇති ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳව සෑහීමකට පත් නොවන සුදුසුකම්ලාභීන්ට ද අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේනදය පහතින්,