යතුරුපැදි, තඹ කම්බි සහ ජංගම දුරකථන සොරකම් කිරීම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.
ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, ආඩිඅම්බලම ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස යතුරුපැදියක් කොටස්වලට ගලවමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු ගලවමින් සිටි යතුරුපැදිය පසුගිය සැප්තැම්බර් 08 වනදා වේයන්ගොඩ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී ඇත.
එම සොරකමට ආධාර අනුබල දුන් අනෙක් සැකකරුද පසුව සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 25 යන වයස්වල පසුවන ආඩිඅම්බලම සහ සීදූව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කටුනායක ප්‍රදේශයේ සිදුවූ තඹ කම්බි සොරකම් දෙකක්, ජංගම දුරකථන සොරකමක් මෙන්ම සීදූව ප්‍රදේශයේ සිදුවූ තවත් යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සොරකම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.