වාරියපොල පොලිස් වසමේ වාරියපොල - හලාවත මාර්ගයේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී වාරියපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක එම දිසාවටම ගමන් කල පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.
ඊයේ(09) සිදුවූ මෙම අනතුරින් පැදිකරු හා පදික කාන්තාව තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් ඇත.
මරණකාරිය අවුරුදු 66ක් වූ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ අතර ඊයේ(09) සවස අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය - ගොඩගම මාර්ගයේ හබරකඩ ප්‍රදේශයේදී ගොඩගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිසාවටම ගමන් කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 38ක් වූ ආටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ ත්‍රී රෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
තැන තැන සිදුවන මාරක අනතුරු - කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.