කස්සප හිමියන්ට වරෙන්තු
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.
ඒ අනුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් දමා තිබේ.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.