දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.
මෙම මෙහෙයුමට අමතරව, ගත වූ දින කිහිපය තුළත් නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ් අනුව පසුගිය නොවැම්බර් 5වැනිදා දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 132 කට අධික තොගයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 57 කට වැඩි ප්‍රමාණයක් සමඟ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනෙක් නාවික හමුදා අင်සකයට පත් විය.
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මෙතෙක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,773 කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2,130 කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි රුපියල් බිලියන 114 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.
සමස්තයක් ලෙස ගත් කල, නාවික හමුදාව විසින් 2026 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් හරහා රුපියල් බිලියන 73 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.
රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.
මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.