යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී, රුපියල් අනූඅට ලක්ෂ පනස්එක්දහස් පන්සීයකට (රු. 9,851,500.00) ආසන්න වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ 12 වන දින වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් (කීල්ස්) ඉදිරිපිටදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී 'අයිස්' (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 37ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම ජාවාරම සම්බන්ධයෙන් අංක 44/බී, 9 වන පටුමග, නවජනපුරය, අවරකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු වත්තල පොලීසිය විසින් සිදුකරනු ලබයි.
කෙරවලපිටියේදී රුපියල් ලක්ෂ 98කට අධික 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු දැලේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.