ගුටිබැට අස්සේ මිල්ලනිය සභා අය වැය සම්මතයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය දැඩි උණුසුම්කාරී හා කලහකාරී තත්ත්වයක් මධ්‍යයේ ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගුටිබැට හුව මාර කර ගන්නා අතර තුර සභා සම්මත කර ගත්තේය.
අයවැයට පක්ෂව පාලක පක්ෂයේ මන්ත්‍රීවරු නව දෙනා සහ ස්වාධීන පක්ෂයේ මන්ත්‍රීවරයාගේ ඡන්දයෙන් දුන්නේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමට සහභාගි නොවූහ. අයවැය සභාව කැඳවීමේ ලිපිය නීති විරෝධී බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක නිරත වූහ.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වීමත් සමඟ සභාව තුළ දැඩි කලහකාරී තත්ත්වයක් හටගත් අතර, එම උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ ලේකම් සම්පත් උඩමුල්ල මහතා විසින් ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.
සභාපති ජී. සමන් ජයතුංග, උප සභාපති ජයසේන රුද්‍රිගෝ සහ ලේකම් සම්පත් උඩමුල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අයවැය සම්බන්ධ විශේෂ මහ සභා රැස්වීම පැවැත්විණි.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.