දළදා මැදුරේ රන්වියන දිලිසේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද නව රන්වියන අද පෙරවරු සුබ නැකතින් වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය,ශ්‍රී දළදාමාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුලු සහ දෙස් විදෙස් බෞද්ධ සැදෑවත් පිරිසකගේ සහභාගිත්වයෙන් නිරාවරණය කළහ,
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් ,තායිලන්තයේ වට්මා රාජ් ජෑන් ආරාමයේ සහ විශ්ව පාරමී පදනමේ දායකත්වයෙන් කැරට් 24 රන් පියලිෙපත් අතුරා ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින මාළිගයට ඉහළින් ඇති වහලේ රන් ආලේපිත වියන සකසා මෙදින විශාල සැදැහැවතුන් පිරිසකගේ සාදූ නදින් නිරාවරණය කරනු ලැබීය.
මීට පෙර 1987 වසරේදී දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති සමයේ එතුමාගේ මූලිකත්වයෙන් මෙම ඓතිහාසික රන් වියන සාදවා ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කර තිබේ,
මෙම රන් වියන නිර්මාණය කිරීම සැලසුම් සකස් කිරීමට රාජ්‍ය ඉංජිනේරූ සංස්ථාවේ ඉංජිනේරූවන් මෙන්ම විදෙස් ඉංජිනේරූවන් කණ්ඩායම්ද සිය දායකත්වය ලබා දී ඇත,
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.