ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.5%ක් දක්වා වැඩිවී ඇත.
සැප්තැම්බර් මාසයේ දී 6.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේ දී 9.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 09ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව පසුගිය 20 වැනිදා මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එහිදී ඔහු පෙන්වාදුන්නේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බවය.
2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත්, මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු, ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව පෙන්වා දුන්නේය.
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.