වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවනුවට උසම දියඇල්ල වන කොස්ලන්ද දියලුම දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාර්තා වේ.

දියඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස ගණනාවකින් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා මෙලෙස ජල ධාරිතාව අඩුවී ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් දියඇල්ල නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ දියලුම දියඇල්ලේ ජල මට්ටම මෙලෙස දැඩි ලෙස පහළ බැස ඇත්තේ වසර ගණනාවකට පසුව බවය.