පෘථිවි කක්ක්ෂයේ අභ්‍යවකාශ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය විසින් පළමුවරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් ජනපද ගුවන් හමුදා ලේකම් ට්‍රොයි මෙයින්ක් සඳහන් කර ඇත්තේ කක්ක්ෂය තුළ අවි ස්ථාන ගත කර ඇත්තේ සතුරු ක්‍රියාමාර්ගවලින් එක්සත් ජනපදය හමුදා ආරක්ෂා කිරීමට බවය.
ගුවන් අභ්‍යවකාශ සහ සයිබර් පිළිබඳව පැවැති සමුළුවකදී ඔහු මේ සම්බන්ධව අදහස් දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
කෙසේ නමුත් මෙම අවිය පිළිබඳව හෝ එහි හැකියාවන් පිළිබඳව ඔහු වැඩිදුරටත් විස්තර කර නොමැති බවද සඳහන් වේ.
පෘථිවි කක්ක්ෂය තුළ අභ්‍යවකාශ අවියක් ස්ථානගත කර ඇතැයි අමෙරිකාව පිළි ගනියි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ඩිනුක තිසර ගුණසේකර
තාක්ෂණික හා නව නිපැයුම් කර්තෘ
ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබඳ ලියන්නෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.