Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් ඉහළට

|Wed,12 June 2019|Special| Page Views : 202

අලුත් පුවත්
ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය අද සිට විවෘතයි
වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු
අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට
අද සවස කොළඹ විශේෂ රථවාහන මෙහෙයුමක්
නගුල් එළිය නව ධීවර ගම්මානය ජනතා අයිතියට
රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න
කටුපොත නගරයේ වෙළදසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
 
පෙට‍්‍රල් මිල ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් මත පළමු කිලෝ මීටරය සඳහා වන. තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් දෙවන කිලෝ මීටරය සඳහා වන ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කළා.

මෙම තීරණයට ත්‍රීරෝද රථවල අමතර කොටස් මිල සහ ටයර්වල මිල ඉහළ යෑමත් බලපා ඇති බවද සඳහන් කළා. දැනට මගීන් ප්‍රවාහනය කිරීමේදී පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 50ක් වන අතර දෙවන කිලෝමීටරයට රුපියල් 40ක් වනවා. නව වැඩි කිරීමට අනුව පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 60ක් වනු ඇති.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ තී‍්‍රරෝද රථ රියදුරන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව තමන්ට ඉන්ධන සහනයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න