Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිනුවන්ගොඩ සිව්දෙනෙකුට ලක්ෂයක දඩ

|Wed,03 July 2019|Special| Page Views : 121

අලුත් පුවත්
බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ
ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
පොලිස්පති පුජිත් වාර්තා අතරට එක් වෙයි
අද කාලගුණය
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
පොලිස්පතිත් රෝහලට
මම රටේ බදු මුදලින් වැටුපක් ගන්නේ නෑ-මාලිංග
හම්බන්තොට මහ රෝහල ජනතා අයිතියට
 
රියැදුරන් කරන වැරැදි සඳහා වූ සංශෝධිත දඩ මුදල අය කරගැනීම ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (02දා) සිට ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව බීමත්ව රිය පැදවූ රියැදුරන් තිදෙනකුට සහ රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ රියැදුරකුට එක් අයකුට රුපියල් 25,000 බැගින් සිවු දෙනාට රුපියල් ලක්ෂයක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළා.

බීමත්ව රිය පැදවීමේ චෝදනාවට වරද පිළිගත් අඹහේනවත්ත ගලහිටියාව සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචි සම්පත් වික්‍රමරත්න, සුසන්ත අත්තනායක, බුද්ධික රාජපක්ෂ යන තිදෙනාටත් රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ යතුරුපැදිකරු වූ හොරගොල්ලේ පදිංචි එම්.ආර්. මලිත් සිල්වා යන සිවුදෙනාට මෙසේ දඩ නියම කෙරිණි. ගණේමුල්ල පොලිසිය දඩ නියම වූවන්ට නඩු පවරා තිබුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න