Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සන්ධානයක් පිහිටුවා ඇත

|Wed,03 July 2019|Political| Page Views : 143

අලුත් පුවත්
මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අද
දුම්රිය වෘත්තීය සමිති ‘වර්ජනය’ ගැන තීන්දුවක් ගනී
පුත්තලම නිවසක අත් බෝම්බයක්
දෝව රක්ෂිතයේ ගින්නක්
මඩු පල්ලියේ පුජාවට විශාල ජන ගඟක්
මිනුවන්ගොඩ සිව්දෙනෙකුට ලක්ෂයක දඩ
බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“මෙරටට විරුද්ධව කටයුතු කරන සරණාගත දමිළයින් සමඟ අතුරලියේ රතන හිමි සන්ධානයක් පිහිටුවා ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබූර් රහුමාන් චෝදනා කර ඇත.

2019.07.01 වන දින අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දරු ප්‍රසූතිය සහ පශ්චාත් ප්‍රසව අංශයේ වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන වාර්ථාව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙවැනි පසුබිමකදී, වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශන තවදුරටත් තහවුරු කරගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකිරීම අවශ්‍ය වනු ඇත.

නමුත්, අතුරලියේ රතන හිමි වෛද්‍ය සාෆි කෙරෙහි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ අභ්‍යන්තර විද්‍යාත්මක පරීක්‍ෂණ කෙරෙහි තමන්ට විශ්වාසයක් නොමැති බවට ප්‍රකාශ කරමින් සිටියි.

පසුගිය කාලයන්හිදී සරණාගත දමිළයින් මෙරටට විරුද්ධව මෙවැනි අදහස් ප්‍රකාශ කර ඇත. තවද, මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවට සරණාගත දමිළයින්ගේ ප්‍රධාන ඉල්ලීම යන්න සියළුදෙනා දන්නා කරුණකි.

වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශන සිදුරමින් සිටින පසුබිමකදී, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වාසයක් නොමැති බවට රතන හිමි ප්‍රකාශ කර ඇත. එය සරණාගත දමිළයින්ගේ බලාපොරොත්තුවට සහයෝගය ලබාදෙන ආකාරයෙන් සිදුකර ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබූර් රහුමාන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න