WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිලිපීනයේ භූ කම්පනයෙන් තිදෙනෙකු මරුට

2026 June 08- Page Views : 7

පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී සිදුවු ප්‍රභල භූ කම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පිලිපීන වේලාවෙන් අද (08) උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව ද පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර සිටී.

භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.