මාමණ්ඩියගේ පොලු පහරින් බෑණා මරුට
2026 June 08- Page Views : 10
අම්බලන්තොට මාල්පෙත්තාව ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් මාමණ්ඩිය විසින් එල්ල කළ පොලු පහරින් බෑණා මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අයගේ බිරිඳ ඔහු සමග ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් අම්බලන්තොට, මල්පෙත්තාව පිහිටි ඇයගේ පියාගේ නිවසට පැමිණ ඇත.
ඊයේ (07) රාත්‍රී 11.00ට පමණ අධික ලෙස බීමත්ව ටිපර් රථයකින් එහි පැමිණ ඇති සැමියා, බිරිඳට නැවත නිවසට පැමිණෙන ලෙසට දන්වා තිබේ.
එහිදී ඇය ඊට විරුද්ධ වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු තමා පැමිණි ටිපර් රථයෙන් එම නිවසේ ප්‍රධාන ගේට්ටුවේ හප්පා ඊට හානි සිදු කර ඇත.
පසුව ඔහු නිවස තුළට පැමිණ බිරිඳට පහර දී ඇති අතර ඉන් බේරීම සඳහා ඇය සිය පියා සිටි කාමරය දෙසට දිව ගොස් තිබේ.
එහිදී දිගින් දිගටම අදාළ පුද්ගලයා තම දියණියට පහරදීම වැළැක්වීම සඳහා ඇයගේ පියා විසින් පොල්ලකින් බෑණාට පහර දී ඇත.
හිසට වැදුණු පොලු පහර හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.
පසුව ඔහු අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාමණ්ඩිය අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.