Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සේනානායක සමුද්‍රයේ ජල මට්ටමේ අඩුවීමක්

|Tue,13 August 2019|Special| Page Views : 289

අලුත් පුවත්
දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි
නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ
ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට
 
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඉගිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් වසර 65 කට පමණ පසුව පළමු වතාවට එහි ජලමට්ටම අඩි 25.5 දක්වා අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්මේන්තුව ප්‍රකාශ කරයි.

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 7,700,000 ක් වන අතර සේනානායක සමුද්‍රයේ ජලය අක්කර අඩි 757,500 ක් අඩුවී ඇත.

මේ හේතුව නිසා ඉදිරියේදි ජලය ප්‍රයෝජනයට ගත හැක්කේ බීමට පමණක් බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා අවධාරණය කර සිටී.

පවතින තත්ත්වය අනුව ගොවියන් මහත් අපහසුතාවට පත්ව ඇති අතර උක් වගාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකි වුවහොත් වගාවට දැඩි ලෙස බලපාන බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය.

ඉගිණියාගල සේනානායක සමුද්‍රය යටතේ කුඹුරැ අක්කර 125,000 වගා කිරීමට මුලිකව සැලසුම් කර තිබුනත් අද වෙනවිට එය වැඩිවීම නිසා ජලාශයේ වතුර අඩුවෙන බව ගල්ඔය වම් ඉවුර ව්‍යාපාරික ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පවසයි.

පවතින තත්වය මත ගොවින්ගේ අනාගත ඉරණම අසතුටුදායක තත්වයක පවතින අතර සමුද්‍රය ඉදිකිරිමෙන් පසුව මෙතරම් ජලය අඩුවු පළමු අවස්ථාව මෙය නිසා, එය වසර 65 ක කාලයකදි ගොඩවි ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා පියවරක් ගැනිම රජයේ යුතුකම බව ද ඔහු සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න