Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි

|Tue,13 August 2019|Miscellaneous| Page Views : 36

අලුත් පුවත්
විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමයි
අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග
කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට
පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත
පාකිස්තානයේ ක්‍රිකට් ගහනවාද නැතිද අවසන් තීන්දුව සති 02කින්
2028 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එක් කිරීමට සූදානමක්
 
බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ දී ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙල වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

බෙන්ස් රථයේ ගැටුනු තිරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටි අනතුර සිදු වී ඇති අතර අනතුරින් තිරෝද රථයේ ගමන් කල දෙදෙනකුට මෙසේ තුවාල සිදු වී තිබේ.තුවාල ලැබූ තිරෝද රථ රියදුරු සහ පසුපස ගමන් කල පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර ඇති අතර අනතුරින් පසු ප්‍රභූ රථ වල අංක තහඩු ද ගලවා දැමූ බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් එම රථ වාහන සියල්ලක්ම බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

ප්‍රභූ ආරක්ෂාව සදහා ඉදිරියෙන් ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය ධාවනය කළ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න