Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් විවෘත නොකළ යුතුයි

|Thu,22 August 2019|Political| Page Views : 118

අලුත් පුවත්
මහින්ද 19 වතාවක් දෙමළ ජාතික සන්ධානය රැවටු බවට චෝදනා!
 
පරිවර්තනය කලේ(පතිවූ වෙබ් අඩවිය)

ජාත්‍යන්තරය සහ දමිළ ජනතාව රැවටීමකට ලක්කරන අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ ශාඛාවක් යාපනයේදී විවෘත නොකළ යුතු බව උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ සංවිධානය විසින් 2019.08.20 වන දින යාපනයේදි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර ඇත.

එවැනි රැවටීමකට ලක්කරන කාර්යාලයක් යාපනයේ විවෘත කලහොත් ඊට එරෙහිව සටන්කරන බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

“අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ ශාඛා කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් අප විරෝධය පලකර සිටියෙමු. එය පිළිගත් කොමසාරිස් ප්‍රාදේශීය කාර්යාල විවෘත නොකරන බව ප්‍රකාශකර ඇත. මෙම කාර්යාලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසාවෙන්ම අප එයට විරෝධය දක්වන්නෙමු.

මෙවැනි තත්වයකදී 2019.08.24 වන දින යාපනයේදී අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව ඇත. අප එයට විරෝධය පලකරන්නෙමු. එමෙන්ම සටන්කිරීමටද නියමිතය.

දේශපාලන නියෝජිතයින්ද අපගේ සටනට සහයෝගය ලබාදිය යුතුය. 2019.08.30 වන දින ජාත්‍යන්තර අතුරුදහන්වුවන්ගේ දිනය නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල විරෝධතාවයන් පැවැත්වීම සඳහා සුදානම්කර ඇති” බවද ඔවුන් විසින් එහිදී ප්‍රකාශ කර ඇත.

තවද, “මුල්ලිවෛක්කාල්හිදී අපගේ ඥාතීන්ව යුදහමුදාවට භාරදුන් ස්ථානයේදී හා කල්මුණේ ප්‍රදේශයේදී විරෝධතා පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී දේශපාලන නියෝජිතයින්, මහජන සංවිධාන හා ජනතාව සහභාගිවී සහයෝගය ලබාදෙන ලෙසද එම මාධ්‍ය හමුවේදී ඔවුන් ඉල්ලීමක් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න