Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෝක වාර්තාවෙන් පසු මාලිංග කියූ කතාව

|Sat,07 September 2019|Security| Page Views : 14

අලුත් පුවත්
ලොව සසල කල රොබට් මුගාබේ
තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළට
දැන්ම තීරණයක් ගන්නේ නෑ
සජිත් ප්‍රේමදාසට සහයෝගීව අදහස් දැක්වීම ආරම්කර ඇත.
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණයට
බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ ගින්නක්
දකුණු පළාතට ID හා ප්‍රා.ලේකම් කාර්යාලයක්
ඇල්පිටියේ CTB බසයක වෙඩි තැබීමක්
 
ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කළේ ලකුණු 125 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 25 කදී ලකුණු 30 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 16 කදී ලකුණු 88 කට දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග නවසීලන්ත කණ්ඩායමේ කඩුළු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර හතරේදී ලකුණු 6 ක් පමණක් ලබාදෙමින්.

සිය දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට ලසිත් මාලිංග සමත් වුණේ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී එවැනි දස්කමක් අවස්ථා දෙකකදි දැක්වූ පළමු කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. කොලිං මුන්රෝ, හමීෂ් රදර්ෆෝඞ්, කොලිං ග‍්‍රෑන්ඞ්හෝම් සහ රොස් ටේලර් මාලිංග යොමුකළ පන්දු 4 ක් හමුවේ පිට පිටම දැවී ගියා.

ඒ අනුව මෙම තරගයේදී ලසිත් මාලිංග වාර්තා කළේ විස්සයි විස්ස පිටියේදී ලබාගත් 2 වන කඩුළු ති‍්‍රත්වයයි. එක්දින පිටියේදීද කඩුළු ති‍්‍රත්ව 3 ක් වාර්තා කිරීමට මාලිංග සමත් වුණා. ඒ අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී වැඩිම කඩුළු ති‍්‍රත්ව ප‍්‍රමාණයක් වාර්තා කළ පන්දු යවන්නා ලෙසද ලසිංත් මාලිංග ඉතිහාසයට එක්වනවා.

තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න