Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී

|Mon, 09 September 2019|Security| Page Views : 67

අලුත් පුවත්
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දෙන දිනය තීන්දු කරයි
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනස් වෙයි
මැතිව්ස් - දිමුත් සහ මාලිංග අකමැත්ත පළ කරයි
කර්මාන්තරුවන්ට ඉස්සන් නව ප්‍රභේද දෙකක්
යාපනයේ මත්පැන් අලෙවිසැලක ගින්නක්
ඉදිරි සතියේදි පාඨලීගෙන් විශේෂ ප්‍රකාශයක්
 
අළුබඳුන කි‍්‍රකට් ශූරතාවය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. මෙවර අළුබඳුන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තයයි. ඒ අනුව එංගලන්තයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් අළුබඳුන කි‍්‍රකට් ශූරතාවයක් දිනා ගත්තේ වසර 18 කට පසුව පළමුවරට වීම ද විශේෂත්වයක්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව කඩුළු 8 කට ලකුණු 497 ක් රැස් කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවු අතර දෙවෙනි ඉනිම කඩුළු 06 කට ලකුණු 186 ක්ව තිබියදී අත්හිටුවීමටයි තීරණය කළේ.

එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 301 කට සීමා වුණා. තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 383 ක්. එහෙත්, එංගලන්තයට සියලූ දෙනා දැවි රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.

පළමු ඉනිමේදී ලකුණු 211 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 82 ක් රැස්කළ ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න