Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අස්වනු නෙලීමේ මංගල්‍යයක්

|Thu, 12 September 2019 |Special| Page Views : 7

අලුත් පුවත්
වීථි දරුවන්ට සංගීතය උගන්වන යුවතිය
අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි
අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ
ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය
පළාත් කීපයකට තද වැසි
දමිළ ජනතා සංසඳය ‘එළුහ තමිල්’ පිළිබඳව සාකච්ඡාවක
ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 42ක ජයක්
ට්‍රම්ප් ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවත් කරයි
 
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත වැසියන් මේ දිනවලදී අස්වනු නෙලීමේ මංගල්‍යය සමරයි.

එම උත්සවය හඳුන්වන්නේ ඕනම් යන නමින්.

මලයාලම් දින දසුනට අනුව පළමු මාසය ලෙසින් සැලකෙන චින්ගම් මාසයේදී කේරළ වැසියන් ඕනම් උත්සවය සමරනු ලබයි.

ඕනම් උත්සවය ආරම්භ වන්නේ අතම් යනුවෙන් හඳුන්වන දිනයෙන් වන අතර එතැන් සිට දින 10ක් පුරා උත්සවය පැවැත්වෙයි.

අස්වනු නෙලීමේ අවසානයද සනිටුහන් කරමින් මහාබාලි රජු අනුස්මරණය කිරීම උදෙසා මෙම උත්සවය පවත්වන බවත් සඳහන්.

ඕනම් උත්සව සමයේදී කේරළ වැසියන් මල් වලින් සකසන " පූ කෝලම්" රටා නිර්මාණය කරන ආකාරයත් දක්නට ලැබෙයි.

එමෙන්ම කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගැනීමටත් ඔවුන් මේ දිනවලදී අමතක කරන්නේ නැහැ.

ඕනම් උත්සවය සමයේදී කේරළ වැසියන්ගේ අලංකාර නර්තන, වාදන වැනි සංස්කෘතිකාංගද දැකගත හැකියි.

ඥාතී හිත මිතුරන් හා අසල්වැසියන් සමග එක්ව කාලය ගත කිරීමටත් ඕනම් උත්සවය මහඟු අවස්ථාවක් බව ජනතාවගේ හැඟීමයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න