Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය ක්‍රිකට් පිලට පූර්ණ තරගාවලි පරාජයක්

|Wed,12 February 2020|Special| Page Views : 8

අලුත් පුවත්
කෝච්චි ටිකට් එක වෙනස් වෙයි
ත්‍රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන්
ඉන්දියානු සාගරයේ භූ චලනයක්
තවත් රක්ෂිතයක ගින්නක්
ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
වැලිකඩින් පලාගොස් සිටි රැඳවියෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරේ
 
නවසීලන්තය හමුවේ වසර 32 කට පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක් අත්විඳීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සිදුවුණා. ඒ, දෙරට අතර පැවැති 03 වන හා අවසන් එක්දින තරගය කඩුළු 05 කින් නවසීලන්ත කණ්ඩායම ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා.

කේ එල් රාහුල් ලකුණු 112 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවකදී කඩුළු 05 කට ලකුණු 300 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

ආරම්භක පිතිකරු හෙන්රි නිකලස් ලකුණු 80 ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. කොලින් ඩී ග්රෑන්ඞ් හෝම් නොදැවී ලකුණු 58 යි. මෙම තරගාවලියේ පළමු තරගය නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 කින් ජය ගත් අතර දෙවන තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 22 කින්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න