Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදීප් හා ධනංජයගේ T20 සිහින බොඳ වෙයි

|Tue,03 March 2020|Security| Page Views :

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හෙට (04) ආරම්භ වීමට නියමිත තරග 2කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ එම ක්‍රීඩකයින් දෙදෙනා පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අබාධයන්ට ලක් වූ බැවිනි.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු දුන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා “තෙවැනි එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී නුවන් ප්‍රදීප් කලව ප්‍රදේශයේ (Hamstring) ආබාධයකට ලක්වුණා. වෛද්‍ය නිර්දේශය අනුව ඔහුට සති 6ක කාලයක් ඉන්න වේවි. එම නිසා විස්සයි-20 සංචිතයෙන් නුවන් ප්‍රදීප් ඉවත් කිරීමට අපට සිදු වුණා.” යනුවෙන් පැවැසීය.

තවද ධනංජයගේ ආබාධය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා පැවැසුවේ මෙවැන්නකි. “ධනංජයගේ අතේ පොඩි ගෙඩියක් තිබුණා. සමහර විට ඔහුට ශල්‍යකර්මයක් කරන්න සිදුවේවි. එංගලන්ත සංචාරයේදී ඔහු ගැන අවදානමක් ගන්න බැරි නිසා වෛද්‍ය නිර්දේශය අනුව එංගලන්ත සංචාරය සඳහා ධනංජය යොදා ගන්නවාද නැද්ද යන්න තීරණය කරනවා. එංගලන්ත සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්. එම නිසා වෛද්‍ය නිර්දේශය ලැබෙන තෙක් අපට බලාගෙන ඉන්න සිදුවෙලා තියෙනවා” යනුවෙනි.

මෙහිදී ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් සිදුවන ආදේශ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මෙල් මහතා කියා සිටියේ කසුන් රාජිතද ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් විස්සයි-20 තරගාවලියේදී නුවන් ප්‍රදීප්ගේ ස්ථානයට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යොදාගෙන ඇති බවය. තවද ධනංජයගේ ස්ථානය සඳහා කිසිදු ක්‍රීඩකයකු ආදේශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද මෙල් මහතා සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න