Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

භික්ෂූන්ට නාමයෝජනා දීම නතරකළ යුතුයි

|Wed,04 March 2020|Special| Page Views :

මැතිවරණවලට තරඟ කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙනා ආ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (3) අස්ගිරි මහවිහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේබව පැවසූහ.

පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙන එමින් අදාළ කටයුත්ත කඩනිමින් කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ කීහ. භික්ෂූන් වහන්සේ ඍජුව දේශපාලනයට යොමු වීමෙන් ශාසනය පිරිහීමට ලක්වන බවද අස්ගිරි මහනාහිමියෝ කීහ.

අතීතයේ මෙන්ම පාලකයන්ට දැහැමිව රට පාලනය කිරීම පිණිස අවවාද අනුශාසනා කිරීම මහ සංඝරත්නයේ කාර්යභාරය බවත් ඉන් ඔබ්බට ගොස් මහ සංඝරත්නය ඍජුව දේශපාලනය කිරීමට යෑමෙන් විශාල පිරිහීමක් ශාසනය තුළ ඇති වූ බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද මෙම අදහසම ප්‍රකාශ කෙළේ යැයි පැවසුවේය. මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක අපේක්ෂකයින්ට මහනාහිමිවරු බැහැ දැකීමට පැමිණිය හැකි වුවත් විහාරස්ථාන භූමියේ මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට නොහැකි බවත් එය කළ හැක්කේ පන්සල් භූමියෙන් පිටත් බවත් මහින්ද දේශප්‍රිය මහතා කීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න