Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බාබි බෝනික්කන් එකතුවක්

|Fri,06 March 2020|Miscellaneous| Page Views :

ජාත්‍යන්තර කාන්තා දිනය ඉලක්ක කරගෙන නවතම බාබි බෝනික්කන් එකතුව එළිදක්වා තිබේ.

සුප්‍රසිද්ධ යුරෝපීය ක්‍රීඩිකාවන්ගේ රුව සහිතව එම බෝනික්කන් නිර්මාණය කර තිබේ.

සුප්‍රකට අමෙරිකානු සමාගමක් වන මැට්ල් සමාගම සිය නවතම බාබි බෝනික්කන් එකතුව පසුගියදා එළිදැක්විය.

ක්‍රීඩිකාවන්ගේ රුව සහිත මෙම බෝනික්කන් එකතුව එළිදක්වා තිබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙනයි.

බාබි ඩ්‍රීම් ගැප් (Barbie Dream Gap) ව්‍යාපෘතියට සමගාමීව සමාගම මේ නිර්මාණ එකතුව එළිදක්වා තිබුණි.

තරුණ ගැහැණු ළමයින්ගේ ආත්ම අභිමානය ගොඩනැගීම සහ අගතියට පත් කාන්තාවට සහාය වීමේ අරමුණ පෙරදැරිව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

අවශ්‍ය සියලූම දේ ලබාගැනීමේ හැකියාව තමන් සතු බව ගැහැණු දරුවන්ට අවබෝධ කරදීමත් ගැහැණු දරුවන් දිරිමත් කිරීමත් එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ යුරෝපීය මළල ක්‍රීඩිකාවන් රැසක් මැට්ල් සමාගම සිය නවතම නිර්මාණ එකතුවට පාදක කරගෙන තිබෙන අයුරු දැකගත හැකියි.

ලෝක ශූරියන් කිහිප දෙනෙකුගේ බෝනික්කන් අනුරූ ද ඒ අතර වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න