WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරාන-අමෙරිකා මූලික සාකච්ඡා අද

2026 June 19- Page Views : 5

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමකින් පසුව, දෙරට අතර මූලික සාකච්ඡා අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock)හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්ත පවසයි.

අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණයි.

මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්තානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය.

මේ අතර, මෙම රැස්වීම පැවැත්වෙන කාලසටහන හෝ එහි අඩංගු සවිස්තරාත්මක කරුණු පිළිබඳව මෙතෙක් වෙනත් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

මේ අතර මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට පෙරේදා අත්සන් තබා ඇත.