Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉතාලිය තවමත් නොසන්සුන්

|Wed,11 March 2020|Miscellaneous| Page Views : 42

අලුත් පුවත්
කාන්තා හිංසනයට එරෙහි විරෝධතා
20යි 20යි තරගයේ ජය ඉන්දියාවට
තෙවන 20යි20 ජය අයර්ලන්තයට
සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්
ටයරය පෙරළූ බවට සැකපිට සිසුන් හතරක් අත්අඩංගුවට
තැපැල් ඡන්දය අප්‍රේල් 8, 9 හා 10
මහ ඡන්දය කල් යන ලකුණු
ගංජා කිලෝ 3000ක් STF අත්අඩංගුවට
 
ඉතාලියට නම්කර ඇති රතු අවදානම් තත්ත්වය සලකා එරට මිලියන සංඛ්‍යාත ජනතාව තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගතව තිබේ.

ජනතාව කඩිමුඩියේ භාණ්ඩ මිලදීගැනීමට නගර වෙත පැමිණීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විදෙස් වාර්තා පවසයි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට අමතරව වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි.

පවතින අවදානම් සහගත තත්ත්වය සලකා සමස්ත ඉතාලිය වෙතම රතු නිවේදනයක් නිකුත් කිරීමට එරට රජය කටයුතු කර තිබේ.

එම පුවත සැලවීමත් සමඟින් රෝම අගනුවර දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය.

නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් මිලදී ගැනීමට රෝම වැසියන් යුහුසුළුව කටයුතු කර තිබේ.

ඒ ඉදිරියේ පැන නැගිය හැකි ඕනෑම හදිසි තත්ත්වයක් සඳහා සූදානම්වීමේ අපේක්ෂාවෙන් යුතුවයි.

රතු නිවේදනය මධ්‍යයේ රෝමයේ කඩවීදි තවමත් විවෘතව පැවතියත්, ජනතාව පවසන්නේ, ඒවායේ උග්‍ර භාණ්ඩ හිඟයක් පවතින බවයි.

එබැවින් හැකිතාක් භාණ්ඩ මිලදීගැනීමට ජනතාව උත්සාහ කරයි.

අගමැති ගුසෙප් කොන්ටේගේ නියෝගයෙන් සමස්ත ඉතාලිය, සිසිලිය සහ සාර්ඩිනියාව යන කලාප වෙත නිකුත් කළ රතු නිවේදන ලබන අප්‍රේල් මාසයේ 3වැනිදා දක්වා බලපැවැත් වෙයි.

මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති ඉතාලි වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 60ක් බවට සඳහන්.

කෙසේ වෙතත් විදෙස් විචාරකයින් පෙන්වාදෙන්නේ, වෛරස ව්‍යාප්තිය පාලනය සදහා ඉතාලිය දැනටමත් ප්‍රමාද වැඩි බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න