WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසරක් තුළ සිදුවූ දෙවැනි විවාහය ගැන සුපිරි ක්‍රිකට් තරු රෂීඩ් හෙළිකරයි..

2025 November 13- Page Views : 6

අද බොහෝ විදෙස් මාධ්‍යවල මෙය කතා මවන පුවතක් වෙලා.

ඒ වගේමයි, ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ අය අතරත් මේ කතාව ගොඩක් ප්‍රසිද්ධ වෙලා. ඔහු කවුද..? මේ කියන්නේ කා ගැනද..?

ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් වසරක් තුළ සිදුකරගත් සිය දෙවන විවාහය පිළිබඳ තහවුරු කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලයන් තුළ මේ වන විට දැඩි උනන්දුවක් සහ කුතුහලයක් ඇති වී තිබෙනවා.

රෂීඩ් ඛාන් මීට පෙර 2024 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රථම වරට විවාහ වුණා.

ඔහු නෙදර්ලන්තයේ පැවති රෂීඩ් ඛාන් පුණ්‍යායතන අරමුදල දියත් කිරීමේ උත්සවයේදී තවත් කාන්තාවක් සමඟ සිටිනු දක්නට ලැබීමෙන් පසුව සමාජ ජාලය පුරා කටකතා පැතිරුණා.

ඉන් අනතුරුව, රෂීඩ් සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් සිය සම්බන්ධතාව පිළිබඳ සැකයන් නිරාකරණය කකළේ සිය දෙවන බිරිඳ සමඟ 2025 අගෝස්තු 2 වන දින 'නිකාහ්' (nikkah) චාරිත්‍රයට අනුව විවාහ වූ බව පවසමින්.

ඔහු කියා සිටියේ, සිය දෙවැනි විවාහය තමා නිතරම බලාපොරොත්තු වූ ආදරය, සාමය සහ සහයෝගීතාවය මූර්තිමත් කරන කාන්තාවක් සමඟ සිදු වූ බවයි.

තම බිරිඳව පුණ්‍යායතන වැඩසටහනකට රැගෙන ගිය විට සරල දෙයකින් උපකල්පන කිරීම නුසුදුසු බවත්, ඇය තම බිරිඳ බවත්, සඟවන්නට කිසිවක් නැති බැවින් ඔවුන් එකට සිටින බවත් රෂීඩ් තවදුරටත් පැවසුවා.

රෂීඩ් ඛාන් තම දෙවන බිරිඳගේ අනන්‍යතාවය පුද්ගලිකව තබා ගැනීමට තෝරා ගත්තද, කුතුහලයෙන් සිටි අන්තර්ජාල පසුහඹන්නන් විසින් ඔවුන් දෙදෙනාගේ තවත් මංගල ඡායාරූප සොයාගෙන පළකර තිබුණා.

ඔහුගේ පළමු විවාහය සිදු වූයේ 2024 ඔක්තෝබර් 3 වන දින වන දිනයි.

එදිනම ඔහුගේ සහෝදරයන් තිදෙනෙකු ද කාබුල්හිදී ඉතා උත්කර්ෂවත් උත්සවයකදී විවාහ වී තිබුණා. රෂීඩ් ඛාන් T20I ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස සැලකෙනවා.

ඔහු IPL 2026 ක්‍රීඩා වෙන්දේසියට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් රඳවා ගැනීමට අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, ඔහු IPL 2025 වාරයේදී තරඟ 15 කදී කඩුලු නවයක් පමණක් ලබා ගනිමින් සහ ඕවරයකට ලකුණු නවයකට වැඩි වේගයක් වාර්තා කරමින් දුර්වල කාර්ය සාධනයක් පෙන්නුම් කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.