Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආචර්ගෙන් සුපිරි ඉල්ලීමක්

|Fri,15 May 2020|Special| Page Views :

ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක නරඹන්නන්ගේ සහභාගිත්වයකින් තොරව ක්‍රිකට් තරග පැවැත්වීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව නොරහසකි. එහෙත් නරඹන්නන්ගෙන් තොරව තරග පැවැත්වීම මෙන්ම නරඹන්නන්ගේ දිරිගැන්වීම නොමැති වීමත් හේතුවෙන් ක්‍රීඩකයන් දැඩි අපහසුතාවට පත් වන බවත් ඔවුන්ගේ උපරිමය තරගයකට ලබා ගැනීම දුෂ්කර කාර්යයක් විය හැකි බවත්, එංගලන්ත යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් පවසා ඇත.

එංගලන්ත පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කර ඇති ආචර් “නරඹන්නන්ගෙන් තොරව තරග පැවැත්වීම ඉතා අසීරු අත්දැකීමක් වනු ඇති බව මට විශ්වාසයි. නමුත් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹීමට අවශ්‍යතාව අන් සියලුම කරුණු අභිභවා මතු වන නිසා කුමන අසීරුතාවක් වුවද විඳදරා ගැනීමට අපට සිදුවෙනවා. ඊට හේතුව වන්නේ යම්කිසි ජාත්‍යන්තර තරගයක් සඳහා පැමිණෙන සියලුම නරඹන්නන් පරීක්ෂණයට ලක්කිරීමට නොහැකි වීමත්, කොවිඩ් වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීමෙ හැකියාවක් පැවැතීමත් නිසයි.” යනුවෙන් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙයට අදාළ අපූරු විසඳුමක්ද ඉදිරිපත් කරන යොවුන් වේගපන්දු යවන්නා කොහොම වුණත් කලක් ගත වනවිට සම්පූර්ණ නිහඬ පසුබිමක ක්‍රීඩා කිරීමට සියලුම ක්‍රීඩකයන් පුරුදු වනු ඇති බව මට විශ්වාසයි.

නමුත් එම තත්ත්වය ඉවත් කිරීම සඳහා යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් මම කැමතියි. ඒ අනුව තරගයේ පන්දු නොයවන අවස්ථාවල සංගීත වාදනයක් ඉදිරිපත් කිරීමටත් නරඹන්නන්ගේ හඬ පටිගත කර ඒවා වාදනය කිරීමට සැලැස්වීමත් යෝග්‍ය වනු ඇති බව මා සිතනවා. ඒ අනුව හතරේ හෝ හයේ පහරක් එල්ල වූ විට සහ කඩුල්ලක් දැවී ගිය විට නරඹන්නන් නඟන ඝෝෂාව වාදනය කිරීමක් මඟින් එම තත්ත්වය යම් තරමකට මඟහරවා ගත හැකි බවයි මගේ අදහස.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න