Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෙබනනයේ පිපිරීම - ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

|Wed, 05 Aug 2020 |Security| Page Views :

ඊයේ (04) ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බවය.

ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි. එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ඇය පැවසුවාය. මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ඊයේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙනි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න