Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මාර්ග අනතුරුවලින් තිදෙනෙක් මරුට

|Thu, 06 Aug 2020 |Security| Page Views :

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂය ට පත්ව ඇති බව පොලීසිය පවසයි. කුරුණෑගල පොලිස් වසමේ දඹුල්ල කුරුණෑගල මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂය ට පත්ව තිබේ. ඊයේ (05) රත්‍රීයේ කුරුණෑගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇත.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

එලෙස මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. මේ අතර කිරිඳිවැල පොලිස් වසමේ තේක්කවත්ත කුට්ටිවිල මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂය ට පත්ව ඇත. ගල්කඩුව ප්‍රදේශයේ දී කුට්ටිවිල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය අයිනේ ගමන්කළ පදිකයකුගේ ගැටී එම අනතුර සිදුව තිබේ.

එම අනතුරින් මියගොස් ඇත්තේ 44 හැවිරිදි වෑගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර සිලාවතුර පොලිස් වසමේ අරිප්පු නානට්ටාන් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂය ට පත්ව ඇත. ඊයේ (05) නානට්ටාන් දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී එම අනතුර සිදුව තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න